2009-11-30

Fedora 12 මත ස්කයිප් ස්ථාපනය

ටර්මිනල් එකෙන් තමයි මේ වැඩෙත් කරන්න යන්නේ.
මුලින්ම root විදියට ටර්මිනල් එකට ප්‍රවේශ වෙන්න ටර්මිනල් එක විවෘත කරල su යන විධානය ලබා දෙන්න.
එවිට root සඳහා වන මුර පදය ඉල්ලා සිටින අතර එහිදි ඔබේ root පරිශීලක සඳහා වන මුරපදය ලබාදෙන්න.

දැන් vi හෝ nano වැනි editor එකකින් පහත සඳහන් වන ටික /etc/yum.repos.d/skype.repo යන ගොනුව සාදා එය තුල සුරකින්න.
මෙහිදී ඇත්තටම සිදුවන්නේ Skype සඳහා Repository එකක් සෑදීමයි.

[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
#gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc
gpgkey=file:///etc/pki/rpm-gpg/RPM-GPG-KEY-skype
enabled=1
gpgcheck=1


මේ ටික කරල ඉවර උනාම කරන්න තියෙන්නේ පුරුදු විදියටම yum මගින් skype ස්ථාපනයට විධානයට ලබාදීමයි.
එය පහත පරිදි ලබාදෙන්න.
yum install skype --nogpgcheck

දැන් yum මගින් ස්කයිප් ස්ථාපනය කරනු ඇති.

ස්ථාපනය අවසන් වූ පසු යෙදුම-->අන්තර්ජාලය-->Skype මගින් ස්කයිප් ලබාගත හැකියි.

මගේ සියවන සැමරුම් සටහන (100)


වෙනද වගේම අදත් ඔන්න බ්ලොග් සටහනක් ලියන්න කියල බ්ලොග් එක පැත්තෙ ආව. බලනකොට ලියන්න යන්නේ සියවෙනි බ්ලොග් සටහන. ඉතිං මාස දහයක් තිස්සේ කරපු උත්සහයේ සාර්ථකත්වයක් තියෙනවනම් තියෙන්නේ මං ලියපු දේවලින් ඔයාල ප්‍රයෝජනයක් ගත්ත නම් තමයි.

මේක පටන් ගත්ත හැටි කියනවනම් මට ADSL අන්තර්ජාල සබඳතාව හම්බුනේ 2009 ජනවාරි දෙවනිදා. හැබයි ගත්ත ගමන් කලේ 2008 අප්‍රේල් වල ලියපු උසස් පෙළ විභාගේ ප්‍රතිඵල බලපු එක තමයි. හරියටම එදා තමයි ප්‍රතිඵල අන්තර්ජාලයට දැම්මේ. :p

එදා ඉදගෙන ඉතිං ජංජාල ගත වෙලා තමයි හිටියේ. ඉතිං ඔහොම ජංජාලෙ අතරමංවෙවී ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කෙරුවාව ගැන දැනගත්තේ. ඉතිං මාත් තිබුණු ඉංගිරිස් බ්ලොග් එකේ තිබිච්ච මකල දාල ඒකට තීම් එකක් හදාගෙන ලියන්න ගත්ත. ඉතිං නමකුත් දාන්න එපැයි. තීම් එක හදද්දිම සටහන් පිටුව කියන එක හොදා කියල ඔළුවට ඇවිත් තිබුණා. (මේක සටහන් පිටුව කියල නම් කලෙත් මම එක දෙයක් ගැන විතරක් ලියන්නැති බව දන්න නිසා) ඉතිං විවිධ කිවුවට ලියපු ක්‍ෂේත්‍ර මට මතකත් නෑ වගේ. ඔන්න ඔය ටැග් වලාව බැලුවනම් තේරෙයි මොන මොන දේවල් ගැන ලියල තියෙනවද කියල.

මුලින්ම ලිවුවා ඉතිං මාත් පටන් ගත්ත කියල. ඒකට පළමුවෙන්ම ප්‍රතිචාර දක්වලා දිරිමත් කලේ සු෴ සහ ඒ ලිපියටම ප්‍රතිචාර දක්වපු Nevi තමයි. ඉතිං එදා ඉදල (2009 පෙබරවාරි 24 වෙනිදා) කරන කියන දේවල් අහන්න දකින්න ලැබෙන දේවල් මේ සටහන් පිටුවෙ ලිපි අතර සටහන් කරල තිවුවා. සමහරවිට මම ලියපුව තේරුම් ගන්න අපහසු වෙන්නත් ඇති.

මේ බ්ලොග් කෙරුවාවෙන් මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. කොහොම කොහොම හරි මමත් මෙච්චර සටහන් ලිවුවෙ කොහොමද කියන එක මටවත් හිතාගන්න බෑ.

මේ තියෙන්නේ මෙතුවක් කල් මම ලියපු සටහන් වල ලැයිස්තුව.
ඔන්න ඉතිං සියවන සැමරුම වෙලාවේ අතීත ආවර්ජනයකුත් කලා. ඔන්න ඔහොමයි තාරකගේ බ්ලොග් කෙරුවාව. තවත් සටහනකින් ඔබ හමුවෙන තුරු

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා!!

2009-11-29

අපේ ඔන්ලයින් සාජ්ජය

ඔන්න අපේ කස්ටිය එහෙනම් ඔන්ලයින් සාජ්ජෙකුත් පැවැත්තුවා! වැඩේ පැවැත්තුවේ ට්වීටරේමයි. කට්ටිය සිංදු කිය කිය ඉන්න කොට, තව රීට්වීට් කර කර ඉන්නකොට බුදාගේ අදහසකට ඔන්න හැමෝම සිංදු වලට ටැග් එක දාන්න ගත්ත. මුලින්ම දාපු සිංදුවල ටැග් එක දැම්මෙ නෑනේ. ඉතිං මුලින් දාපු සිංදු ටික නම් නෑ.

ඉතිං ඔය සිංදු කියන අතරේ ඇඩ් ටිකක් එහෙමත් වැටුනා. වැඩිපුරම ඇඩ් දැම්මේ ඉන්ද්‍රනාම වෙන්න ඕන. මාත් දැම්මනෙව ඇඩ් දෙකක් විතර. සුපුරුදු විදියට Hint පාස් කිරිල්ලත් ක‍ලා නෙව. ‍
සාජ්ජේ කොච්චර නැගල ගියාද කියනවනම් රෑ 1ත් පහුවෙනකං තිබිල. මම ඉතිං 12ට විතර නිදාගන්න ගියානෙව. එළිවෙලත් කස්ටිය කතා කරන්නෙ සාජ්ජේ ගැන.

හැබැයි හොදම වැඩේ වෙන්නේ. අද උදේම සාජ්ජෙට හිටපු නැති අය ටිවීටරේට ලොග් උනාම පෙන්නන ගාන බලන්න ගියාම තමයි. :D


කොහොම කොහොම හරි ආයිම ලබන සෙනසුරාදත් සාජ්ජේ පවත්වන්න කස්ටියගේ අදහසක් තියෙනවා. එදාටම බලාගන්න පුලුවන් වෙයි.


කට්ටිය සිංදු කියපු හැටි මෙතනින් ගිහින් බලන්න.

2009-11-26

Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමි

Windows XP 64bit SP1 එකට සිංහල යුනිකේත ස්ථාපනය කරන්න ගියාම Service Pack 2 ඕන කියනවා. ඉතිං Service Pack 2 වලට යාවත්කාල කලාට පස්සෙ මෙහෙම කියනවා.

මොනව කරන්නද? ඒත් එහෙම කියල බෑනෙව.

සිංහල යුනිකේත නිවැරදිව කියවීමේ පහසුකම ඉස්කෝල පොත‍ ෆොන්ටය Fonts folder එකට පිටපත් කර දසුන් සමීර සොයුරාගේ ලිපියට අනුව usp10.dll ගොනුව ෆයර්ෆොක්ස් ස්ථාපන ස්ථානයට පිටපත් කර සාදාගත් නමුත් මෙතෙක් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව නොතිබුණි.

නමුත් දැන් KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගයක් හදුන්වා දී ඇති අතර එමගින් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව Windows XP 64bit වෙළුම මතදීද ලබාදේ.

බාගත කිරීමට පහත සබැදියෙන් යන්න

http://cplus.lk/2009/11/keytouch-ime/

2009-11-23

Google talk Empathy සමග භාවිතා කරන්නේ මෙහෙමයි

Fedora 12 සමග පෙරනිමයෙන් එන chat client තමයි empaty කියන්නේ. ඉතිං ඒකට මේල් එකවුන්ට් ටික එකතු කරගත්ත. දැන් මේල් එකට ලොග් නොවී කෙලින්ම Empathy එකෙන් චැට් කරන්න පුලුවන්.

කරන්න තියෙන්නේ මෙච්චරයි


යෙදුම්-->අන්තර්ජාලය->Empathy IM Client
මගින් Empathy ලබාගන්න. එහි Account කවුලුවේ පහල තියෙන Add New බොත්තම ඔබන්න
දැන් Add New ඉදිරියෙන් ඇති ගලා හැලෙන මෙනුවෙන් Google Talk තෝරාගෙන Create බොත්තම එබූ විට පහත පරිදි දිස්වේ. එහි Login ID සහ Password ලබා දී Advanced යටතේ ඇති සැකසුම් පහත පරිදි සකසන්න.

Server: talk.google.com
Port: 5223
Use old SSL යන්න සලකුණු කර Apply කරන්න. එපමණයි Google Talk ලෙසම Empathy භාවිතා කල හැකි වනු ඇත.



මෙහි ඇති විශේෂත්වය නම් Google Talk හි ඇති ශ්‍රව්‍ය මාධ්‍ය මෙන්ම දෘෂ්‍ය මාධ්‍යද සහය දැක්වීමයි.
-->